ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් ඉටුකළ කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ
ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා
පසුගිය 17වනදා අළුයම අභාවප්‍රාප්ත වූයේය.
මාතර තිහගොඩ උපන් ඔහු මියයන විට 83 හැවිරිදි වියේ පසු වූයේය. ඩල්සි ගුණරත්න මහත්මිය සමඟ විවාහ වී සිටි ඒ මහතා නිමාලි, නදී, ප්‍රසාද් සහ දර්ශන නමැති දරුවන් සිව් දෙනකුගේ පියෙකි.
මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ගුණරත්න මහතා ලේක්හවුස් ආයතනයේ තිහගොඩ ප්‍රාදේශීය වාර්තාකරු ලෙස 1967 වර්ෂයේ දී සිය පුවත්පත් ජීවිතය ආරම්භ කළේය.
පසුව “ජනතා” පුවත්පතේ මාණ්ඩලික වාර්තාකරුවකු ලෙස ලේක්හවුස් ආයතනයේ ස්ථිර රැකියාවට සම්බන්ධ වූ ඒ මහතා ඉන් පසු, දිනමිණ පුවත්පතට සම්බන්ධ වී එහි ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස ද කටයුුත කළේය. Sunday Obsever පුවත්පතේ ද සේවය කළ අතර සිළුමිණ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස ද කටයුතු කළේය.
කලක් රෝගාතුරව සටි ඔහු දින කිහිපයකට පෙර කොරෝනා ආසාදිතව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද සිය දිවි ගමන නිමා කළේය.
ඩබ්ලිව්.ජී. ගුණරත්න මහතා පැතූ උතුම් බෝධියෙන් සැනසී නිවාලන්නට හේතු වාසනා වේවා!
දිවි සැරිය නිමා කල ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා පිලිබඳ පුවත් :-
https://www.ceylonmirror.net/sinhala/15541.html
https://www.ceylonmirror.net/sinhala/15610.html