ශ්‍රී ලාංකීය ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 41 කි.
ඔහු ශ්‍රී ලාංකීය චිත්‍රපට ක්ෂේත්‍රයේ දස්කම් පෑ කලාකරුවෙකු වීම විශේෂත්වයකි.
ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද (05) පස්වරු 3 දක්වා රත්නපුර ප්‍රදේශයේ රක්කුවාන පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තැබේ.
ඉන් අනතුරුව ඔහුගේ දේහය අද (05) පස්වරු 5 ට රක්කුවාන මහජන ක්‍රීඩා පිටියේදී ආදාහනය කිරීමට නියමිතයි.